Send Me New articles as soon as published.





Follow Me
I have been one acquainted with the night.
I have walked out in rain -- and back in rain.
I have outwalked the furthest city light.I have looked down the saddest city lane.
I have passed by the watchman on his beat
And dropped my eyes, unwilling to explain.I have stood still and stopped the sound of feet
When far away an interrupted cry
Came over houses from another street,But not to call me back or say good-bye;
And further still at an unearthly height,
A luminary clock against the skyProclaimed the time was neither wrong nor right.
I have been one acquainted with the night.
Robert Frost







-
අරුණ සර්ගේ online පාසල
-
විද්‍යුත් ගම්මානය
-
Recent Posts
- හරිම පුදුම ඉස්කෝලේ….
- අපි අළුත් නිවසකට ආවෙමු.
- “සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී”
- ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- තොරතුරු තාක්ෂණයේ තවත් එක සත්‍ය කතාවක අවසාන් දිග හැරීම
- සන්ධ්‍යාගේ නව නිවස “සයිබර් සෙවන”
- සන්ධ්‍යාලගේ අළුත් ගෙදර වැඩ අපි අඩක් නිම කලා…
- සන්ධ්‍යාලගේ අලුත් ගෙදර වැඩ අපි පටන් ගත්තා
- සන්ධ්‍යා නිරෝෂනීලාගේ අලුත් ගෙදර.
- මනුෂ්‍යත්වයේ ආශ්චර්යය
- සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව.
- බටුවංගල මහා විද්‍යාලය ITN වෙනස ඔස්සේ විකාශය
- ඔයයි….මමයි
- 7 Superb Sentences
- අප අතරින් වෙන්ව ගිය ස්ටීව් ජොබ් මහතාට උපහාර පිණිස නැවත පල කරමි…..
Recent Comments
- Amal Gunawardana on හරිම පුදුම ඉස්කෝලේ….
- Sam uk on Contact Me
- Sri Lanka on අපි අළුත් නිවසකට ආවෙමු.
- All In One on අපි අළුත් නිවසකට ආවෙමු.
- Kathandarakaraya on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- Kapila Gunasekera on 7 Superb Sentences
- ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව | Budhajeewa's Blog on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- සඳරු on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- chanakalin on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාවBudhajeewa's Blog | Budhajeew on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාවBudhajeewa's Blog | Budhajeew on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- Mahesh Nishantha on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- buddhiprasadh on ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
- ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු. | තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). on වීඩියෝ කන්ෆරන්ස් හරහා ජපානය සමග පාඩම් හුවමාරුවක්….ඔව් අපි ඒක කලා
- Reader on තොරතුරු තාක්ෂණයේ තවත් එක සත්‍ය කතාවක අවසාන් දිග හැරීම
Archives
- May 2012 (3)
- April 2012 (1)
- March 2012 (1)
- February 2012 (2)
- January 2012 (5)
- December 2011 (2)
- October 2011 (1)
- September 2011 (5)
- August 2011 (3)
- July 2011 (3)
- June 2011 (2)
- May 2011 (6)
- April 2011 (2)
- March 2011 (4)
- February 2011 (5)
- January 2011 (5)
- December 2010 (2)
- November 2010 (5)
- October 2010 (6)
- September 2010 (4)
- August 2010 (8)
- July 2010 (4)
- June 2010 (11)
- May 2010 (7)
- April 2010 (4)
- March 2010 (6)
- February 2010 (4)
- January 2010 (4)
- December 2009 (1)
- November 2009 (1)
- October 2009 (3)
- September 2009 (6)
- August 2009 (3)
- June 2009 (2)
- May 2009 (1)
- April 2009 (5)
- March 2009 (2)
- January 2009 (1)
Categories
- About (75)
- Advices (68)
- Internet (40)
- My own comments (73)
- News (49)
- Smile (26)
- Uncategorized (9)
- women (22)
- සේවා (57)
My memories
අපි අළුත් නිවසකට ආවෙමු.
Posted in About, Advices, My own comments, News, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Kusa paba, Mother ஸ்ரீ ලංකා, Video Conference, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කුස පබා, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, චානුක වත්තේගම, ජංගම දුරකථනය, ජනාධිපති ලේකම්, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, ලලිත් වීරතුංග, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, ්රමබ්ිසරගසබදෙ
2 Comments
“සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී”
පහලින් තියෙන කතාව ලිව්වේ මං නෙවෙයි. නමුත් ඒක කියවලා ඉවර වෙනකොට මගේ ඇස්වල කඳුළු තිබුනා. ඒ නිසා ඒක බෙදාගන්න අවශ්‍ය උනා.
හෝවාර්ඩ් කෙළී කියන්නේ කුඩා නගරයක ජීවත් වුන දුප්පත් ළමයෙක්,මෙයා ඉස්කෝලේ යන්න සල්ලි හොයා ගත්තේ ගෙයින් ගෙට ගිහින් බඩු විකුණලා. දවසක් මෙයා වෙළදාමේ යනකොට ලොකු බඩගින්නක් ආවා. ඒත් මෙයා ලග ඉතිරි වෙලා තිබුනේ බොහෝම සුලු මුදලක් නිසා මෙයා හිතුවා ඊලගට යන ගෙදරින් කන්න දෙයක් ඉල්ලනවා කියලා. ඊලග ගෙදරට ගිහින් දොරට තට්ටු කලාම දොර ඇරියේ ගොඩක් ලස්සන තරුණ ගෑණු ළමයෙක් නිසා මෙයාට කන්න දෙයක් ඉල්ලන්න ලැජ්ජා හිතිලා බොන්න වතුර ටිකක් ඉල්ලුවා. ඇයට හිතුනා මේ පිරිමි ළමයට ගොඩක් බඩගිනි පාටයි කියලා,ඒ නිසා වතුර වීදුරුවක් වෙනුවට කිරි වීදුරුවක් ගිහින් හෝවාර්ඩ් කෙළීට දුන්නා.
හෝවාර්ඩ් කෙළී බොහෝම ආශාවෙන් මේ කිරි වීදුරුව පානය කරලා ඇහුවා
“මැඩම් මම ඔබට කොපමන ණයද” කියලා.
“ඔයා මට කීයක්වත් ණය නෑ” මදක් සිනාසුන ඇය කීවා “අපේ අම්මා කියලා තියනවා කරුණාවෙන් දෙන දෙයට මුදල් ගන්න එපා කියලා”.
“එහෙනම් මැඩම් මම මගේ හදවතින්ම ඔයාට ස්තූති කරනවා…ඔයාට ගොඩාක් ස්තූතියි මැඩම්” කිව්ව හෝවාර්ඩ් කෙළී ආපහු යන්න පිටත් උනා.
ඒ ගෙදරින් පිට වෙනකොට බීපු කිරි වීදුරුව නිසා එයා ශාරීරිකව පමනක් නෙවේ මානසිකවත් ගොඩක් ශක්තිමත් වෙලයි හිටියේ.මිනිසුන් ගැන එයාගේ තිබුන විශ්වාසය ගොඩක් වැඩි උනා ඒ සිද්ධියෙන්.
මේ සිද්ධියෙන් පස්සේ වසර ගණනාවක් ගෙවිලා ගියා. හදිසියේම මේ කාන්තාව බරපතල විදියට අසනීප උනා. ඇය ජීවත් වුන කුඩා නගරයේ වෛද්‍යවරුන්ට ඇගේ රෝගය නිශ්චය කිරීමට නොහැකි වූ නිසා ඇයව විශාල නගරයක විශාල රෝහලක් වෙත යැවුවා. මේ වෙනකොට වෛද්‍ය උපදේශකයෙක් ලෙස වෛද්‍ය හෝවාර්ඩ් කෙළී සේවය කලේත් මේ රෝහලේ. රෝහලේ නේවාසිකව සිටින ගොඩක් දුර්ලභ රෝගයක් ඇති මේ කාන්තාවගේ පදිංචි නගරය තමන් ගේ නගරයම බව දැන ගත් පසු වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඉක්මනින් ඇයව බලන්න ගියා. ඇය සිටින කාමරයට ඇතුල් වී ඇයගේ මුහුන දුටු පමනින් වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඇයව හදුනා ගත්තා.
එතැන් පටන් සති ගණනාවක් යන තුරු ඔහු ඇය වෙනුවෙන් කැප වී ඇයගේ රෝගය සුව කිරීමට මහන්සි ගත්තා.ඔහුගේ මහත් කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇය සම්පූර්ණ සුවය ලැබුවා,නමුත් තමන්ව සුව කලේ තමන් වසර ගණනාවකට පෙර කිරි වීදුරුවකින් සංග්‍රහ කල ඒ කොලු ගැටයා බව හදුනා ගැනීමට ඇයට නොහිකි වුනා.
අවසානයේ ඇය රෝහලෙන් නික්ම යන දිනය උදා වුනා. ඇයගේ ප්‍රතිකාර සහ නේවාසිකව සිටි කාලය සදහා වුන බිල් පත අවසන් අනුමැතිය සදහා වෛද්‍ය හෝවාර්ඩ් කෙළී වෙත ගෙන ආවා. බිල් පත හොදින් පරීක්‍ෂා කල ඔහු එහි කොනක යමක් සටහන් කර ඔහුගේ මුද්‍රාව තබා නැවත බාර දුන්නා.
කාන්තාව වෙත ගෙන ආ බිල් පත ඇයට බාර දුන්නා. ඇය සෙමින් එය විවෘත කලා,ජීවිත කාලය පුරාම මහන්සි වුනත් ගෙවීමට නොහැකි විශාල මුදලක් එහි සටහන්ව ඇති බව ඇයට හොදටම විශ්වාසයි. බිල්පත විවෘත කල විට එහි කොනක සටහන්ව ඇති යමක් වෙත ඇගේ අවධානය යොමු වුනා.
.
“සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී”
සහතික කලේ,
වෛද්‍ය හෝවාර්ඩ් කෙළී.
.
ඔබට ජීවිතයේ හමුවන දුප්පත් පොහොසත් බාල මහලු සෑම කෙනෙකුටම කරුණාව දක්වන්න, ඔහුට හෝ ඇයට ඔබෙන් ඉටුවිය යුතු යුතුකමක් ඇතිනම් එය ඉටු කරන්න.
යම් දිනක ඔබට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත.
Posted in Advices, Internet, women
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Kusa paba, Mother ஸ்ரீ ලංකා, Video Conference, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කුස පබා, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, චානුක වත්තේගම, ජංගම දුරකථනය, ජනාධිපති ලේකම්, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, ලලිත් වීරතුංග, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
Leave a comment
ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
පලමු වතාවට මේ ගැන ලියන්නේ. ලංකිවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්ඩ කරන්න පුළුවන් දේවල් අපි කරලා තියෙනවා. ඒවා කරද්දී අපි මුහුණ දුන්න දේ ඉතාම කටුකයි සහ වේදනාත්මකයි. නමුත් හැම කන්දක්ම නැග්ගම පල්ලම් නෑ. ලෝකාන්තය වගේ තැනුත් තිබෙනවා. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණයට කල දේ දහවෙනි දශම ස්ථානයට කිට්ටු දෙයක් වගේ මගේ හිතේ. ඒත් අපටත් තියෙනවා කතාවක්. ඒකතාව අපි ලිව්ව වාර අනන්තයි. නමුත් කවදාවත් ඇහුවේ නෑ කවුරුත් වගකීමක් දරන අය. ඒ දුක කොච්චරද කිව්වනම් අපි රොගලක්ෂණයි රෝගයියි දෙකම දැනගෙන බෙහෙතුත් දැනගෙන බොන්ඩ වරම් නැතුව හිටියාවගේ වැඩක්. මම මගේ ගුරු ජීවිතේ එක තැනකදී අර තරහා තරුණයා උනා. ඒ මගේ වැඩ මට අවශ්‍ය වේගෙන් සිදුඋනේ නැති කොට.
අපි එක එක වැඩසටහන් වලට ගියා. ප්‍රසන්ටේෂන් කලා. නමුත් සිද්ධඋන දෙයක් නෑ. අපේ අදහස ප්‍රධානීන්ට ගියේ තවත් කෙනෙක් හරහා. එහෙම නැත්තං කට්ටියක් හරහා. ඒ යද්දී අපි අර බිම් මට්ටමේ වින්ද දුක එඩිට් වෙලා තිබුනා. ඒ නිසා ගැටළු ගැටළු විදියටම තියෙද්දී ගැල ඉදිරියට ඇදුනා. තීරණ ගන්න අය තීරනය ගත්තේ අර වාහකයන් කියන දේ අනුව. අපේ මට්ටමට ඇවිත් අපිට කතා කරලා හරි අදහස ඔලුවට ගත්ත අය දැක්කේ අඩුවෙන්.
අද මං කලිං ලිව්ව ලිපි දෙකක් අයින් කලා. ඒ මේ නව අදහස් එක්ක ඉදිරියට යන්න. මගේ ICT ගමනේ මං දැක්ක රස්නේ ඇල්වතුර ටික එහෙමත් නැත්තං සොදුරු ආඥාදායකයා අපේ සිහි සටහන් ලියන චානුක වත්තේගම සර්ට කතා කරලා ICT සම්භන්ධ අත්දැකීම් කියන පුරුද්දක් තිබුනා. මං කතා නොකලත් මාසයකට හමාරකට සැරයක් කතා කරලා සර් අපි ගැන හෙව්වා. වැඩ කරන අපට ඒක අවශ්‍යයි මොකද විද්වතුගේ අදහස් නැතුව මේවා කොහාට යාතුද යන්න අපිට ගැටලු නිසා. පහුගිය දවස්වල අපි අහුඋන කුනාටුව ගැනත් සර්ට මං කිව්ව. ඒත් සර් කිව්වේ ඉවසන්න කියලා. ඒ ඉවසීමේ සැනසීම අපට 2012.04.19 දින දැනුනා.
අපේ ක්ෂේත්‍රෙය් තරුණ අයගේ හමුවක් එහෙමත් නැත්තං කතාබහකට ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මා සමඟ පැවැත් උනා. චානුක සර්ගේ මැදිගත් වීමෙන් සහ ICTA ප්‍රධාන විධායක රෙශාන් දේවපුර මහතාගේත් සහභාගීත්වය වටිනා කම තවත් වැඩි උනා. මම මේකට සහභාගී උනේ අපේ විද්‍යුත් ගම්මාන ව්‍යාපෘතියේ දක්ෂ ලමයි දෙන්නෙක් වන මධුෂිකා කෞෂල්‍යා සහ නිරෝෂා ලක්මාලිත් එක්ක.

කොහොම හරි අපි ලලිත් වීරතුංග සර්ගේ පැමිණීමත් සමඟ වැඩේ පටන් ගත්තා. සර් අපිව තනි තනියෙන් අඳුරගෙන අත්දැකීම් කතා කලා. එතනදී අපේ සිදුවීම් ඒත් එක්කම දැනට තියෙන තත්වයන් ගැන සර්ව දැනුවත් කලා. විශේෂයෙන් ලංකාව තුල සිට පේපෑල් හරහා අපේ BPO කට්ටිය මූණ දෙන ප්‍රශ්න අපේ බුධාජීව මල්ලී පැහැදිලි කලා. ඒත් එක්කම අන්තර්ජාල සම්භන්ධතා ගැන සහ ඒවායේ දියුණු වියයුතු දේ අපේ මලින්ද මල්ලී විස්තරකලා. තවත් ගොඩක් අය හිටියා. ඒ අතරින් අපේ සඳරැ විශේෂයි. දන්නවනේ අපේ හිස් අහසේ කොම්පිටර් සර්. පුපුන් සූදාරක මල්ලී ඒ වගේම තවත් දක්ෂයෙක් හිටියා කුසපබා එකේ කොස්ටියුම් ඩිසයින් වලට සම්භන්ධ සහ මූණුපොතේ මාකටිං විෂය ගැන ගොඩක් කතා කරපු හා කල හැකි දේ පැහැදිලී කරපු. ඒත් එක්කම ලංකාවේ මහවිලච්චියේ ඉඳං ලොකේ ඒ වර්ගයේ එකම BPO එක කරන ඉසුරු මල්ලියාත් ඇවිත් හිටියා.
මේ පිරිස රටේ හැම තැනින්ම තෝරාගෙන තිබුනා. මාතරින්, අනුරාධපුරෙන්, කුරුණෑගලින්, අම්පාරෙන්, පොලොන්නරුවෙන්, ගාල්ලෙන් වගේ රටේ ගොඩක් පැති වල අය හිටියා. ඇත්තටම මං මෙතන හිටිය එකම පාසල් ගුරුවරයා වි දියට මගේ අදහස් දැක්වූවා. අපට උදේ හවස හම්බවෙන මිනිස්සු අපට වින කටින කොට මෙච්චර දුර ඉන්න අය අපි ගැන දරණ මතය සහ ඒ ගැන කරන අදහස් දැක්වීම කොච්චර නම් අපිව වැඩ කරන්ඩ දිරි ගන්නනනවද? ඒක හරිම සහනයක්. අපේ ජලවිදුලි බලාගාරය, ජපානය සමඟ කරපු වැඩ, බ්ලොග් අඩවි, වෙබ් අඩවි, ගැනත් මං කිව්වදේ ගැන පැහැදෙන්ඩ ඇතැයි මං හිතනවා. ඒත් එක්කම අර සතුටින් දිවි ගෙවන තැන එහෙමත් නැත්තං පාසල කියන එක ICT වලිං සවිබල කරද්දී අපේ අමල් අයියයා, ඒකනායක අයියා, වගේ ගුරුවරුන් සොයා ගෑනීම සහ ඒ අය හැමදාම ICT වැඩේ සිටිය යුතුයි විෂය අදාල නොවී කියන එකත් මං මට තේරෙන හැටියට කිව්වා.
කොහොම උනත් අපේ ලැබ් එක වසා දමා ඇති බවත්, අපේ ගමන නවතා ඇති බවත් අපි කිව්වේ නෑ. මොකද කිසිම කෙනෙක්ව අපහසුවට පත් කරන්ඩ අපිට අනවශ්‍ය නිසා. ඒත් එක්කම ගොඩක් දෙනෙක් මට කිව්ව අපි පාසලෙන් පිට පරිගණක විද්‍යාගාරයක් පටන් ගනිමු කියන අදහසත් එක්ක මං මේ දවස් ගෙවමින් ඉන්නවා. කොහොමින් කොහොම හරි වැදගත් වැඩක් නිමා කරලා අපි මෙහෙ ආපහු එන කොට රෑ දහයත් පහු වෙලා.
මේ හමුවීම අළුත් දේවල් ගොඩක් කරයි කියලා විශ්වාසයක් මට තියෙනවා. ලලිත් වීරතුංග සර්ටත්, චානුක සර්ටත් මේ වැඩ වලදී අවශ්‍ය සහයත් අපි තවත් අත්හදාබලමින් ඉන්න දේවළුත් සමඟ අලුත් ගමනත් අරඹන්නයි අදහස.
Posted in About, My own comments, News, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Kusa paba, Mother ஸ்ரீ ලංකා, Video Conference, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කුස පබා, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, චානුක වත්තේගම, ජංගම දුරකථනය, ජනාධිපති ලේකම්, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, ලලිත් වීරතුංග, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
8 Comments
තොරතුරු තාක්ෂණයේ තවත් එක සත්‍ය කතාවක අවසාන් දිග හැරීම
මාසයක් විතර තිස්සේ අපි කරපු වැඩේ ඉවරයක් දැක්කා අපි පහුගිය පෙබරවාරි 26 වෙනිදා. මේ වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳං මගෙත් එක්ක හිටිය සියළුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.මාරයා අයියා නම් මාරම මාරයි. මේ වැඩේ ඉවර වෙනකොට අපිට අපේ පරිගණක විද්‍යාගාරය නැති උන එක ගැන නම් ගොඩක් දුකයි. ඒත් ළමයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ගොඩ දාන්ඩ මට තියෙන උවමනාව නැති නමුත් මට වඩා උවමනාවක් තියෙන්ඩ ඕන අය පුද්ගලික මත වලින් පිරිස් පාලනය කරද්දී අපිට කරන්න පුළුවන් දෙයක් නෑ.
අනික අවසාන මේසෙදී මං නිකංම නිකං උපගුරු වරයෙක් විතරයි. තොරතුරු තාක්ෂණය සහ ඒකේ ප්‍රෙයාජන කියලා රචනාවක් හරියට ලියන්ඩ දන්නේ නැති හෝ ඕන නැති කට්ටියට අපි මේ කරපු වැඩ ටික හීනයක් වගේ. මං ඇත්තටම හරිම දුකින් ඉන්නේ. ඉස්කොලෙට එන්ඩ කලිං මං ක්‍රියාකාරී කොල්ලෙක්. මට කම්මැලියෙක්,කල්මරන්නෙක් වෙන්ඩ කියලා ඉගෙන ගන්ඩ ඉස්කොලෙකටම එන්ඩ උන එක ගැන ගොඩක් දුකයි. කිසිම දාක අපේ රටේ මිනිස්සු අපි වගේ මිනිස්සුන්ට පාඩුවේ වැඩක් කරං යන්ඩ දෙන්නේ නෑ. පහුගිය අවුරුදු පහටම මං හිටපු මානසික පීඩනය කියලා නිම කරන්ඩ බෑ.ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. මෙච්චර වැඩක් කරන ගමන් මාව මොනාට හරි කොටු කරගන්ඩ නොදී ඉන්ඩ මාරම වෙහෙසක් ගන්ඩ උනා. හිතවත් අය කියලා ජාතියක් ඉන්නවා නං ඒ මේ වෙබ් අවකාෂයේදී මට මුණ ගැහුන මං කිසිදා නොදුටු මිනිසුන් ටික දෙනා විතරයි.
කොහොම හරි තවත් තොරතුරු තාක්ෂණයේ ඵල නෙලාගත් එක කතාවක් මෙහෙම අවසන් වෙනවා. ඒක අපි කරපු හැටි පල්ලහෑ දාල තියෙනවා. මට උදව් කරපු හැමදෙනාටමත් මේ වැඩේ කරලා ඉවර වෙනකල් මං එක්ක තාත්ත කෙනෙක් වගේ හිටිය මාරයා අයියටත් ගොඩක් ස්තූතියි. සන්ධයා දැං හිනා වෙනවා. ඒ හිනහව වෙනදාට වඩා සැහැල්ලුයි කියලා මට හිතෙනවා.
Posted in Advices, Internet, My own comments, women, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, ICT success story, Mother ஸ்ரீ ලංකා, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, තොරතුරු තාක්ෂණයේ ප්‍රෙයා්ජන, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සයිබර් සෙවන, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
4 Comments
සන්ධ්‍යාගේ නව නිවස “සයිබර් සෙවන”
අපි සයිබර් සෙවන සාදා නිම කලා. මේක ගොඩක් ලොකු හොඳවැඩක් කියලා අපි හිතනවා. ඒක අපේ කොල්ලොටිකයි කෙල්ලොටිකයි මුල ඉඳලා දැනං හිටියා. අවසානෙට බිමට සිමෙන්ති දාන දවස් වල රෑ එක හමාර වෙනකං කොල්ලොවැඩ කලා. සමහර වෙලාවට ගෙවල් වලිං දෙමාපියෝ කතා කරලා කෙලින්ම මට බැනපු වෙලාවල් තිබුනා. ඒ හැම වෙලාවටම අපි ඉවසීමෙන් වැඩ කලා. මාරයා අයියා අපි වැඩ කරන තැනට ඇවිත් ගියා. මං දැක්ක සන්ධ්‍යා මාරයා අයියට දන ගහලා වඳිනවා. ගුරුවරයෙක් විදියට මට පුදුම සතුටක් දැනුනා. එයාල ඉස්කෝලෙදී බුලත් දීල වඳින්නේ හිස් මිනිස්සුන්ට. ඒත් මේ වැඩේදී මාරය අයිය කරපු කාර්ය කොටස කාටවත් කරන්න බෑ. ඒවගේම මාරයා අයියා ආපු එකෙන් කොල්ලෝ උනත් ගොඩක් ගැම්මකින් වැඩ කලා.
තරුණ ගුරුවරුන්ට වැඩ කරද්දී ආරක්ෂාව නිතරම අවශ්‍යයි. හේතුව නානාප්‍රකාර නීති පොත් පෙරළගෙන එන කට්ටිය හැම වෙලේම බලන්නේ ඉඟිලෙන්න හදන එකාගේ තටු කපන්න. නමුත් මං කවදාවත් ඉඟිලෙන්නේ නැතුව හිටියේ නෑ. විශේෂයෙන් අපේ චානුක වත්තේගම සර් මේ වෙලාවේ මතක් කරන්න ඕන. මොකද බෙල්ල ලඟටම එරිලා කතා කලත් සර්ට පුළුවන් මගේ හිත හදලා ආපහු මාව ට්‍රැක් එකට දාන්න. ඒත් එක්කම මේ වැඩේ යද්දී අපේ ඉස්කෝලේ නි.විදුහල්පති සුදත් මහත්තයා ගැනත් මතක් කල යුතුයි. සර් අපිට ගොඩක් උදව්කලා රාජකාරීමය පැත්තෙන්. නෙළුව පොලීසිය මේ වැඩේදි අපිත් එක්ක හිටියා. රාත්‍රී මුර සංචාර වලදී වැඩ කරන තැනට ඇවිත් ගිය එකම ලොකු හයියක් උනා.
ගිය අව්රුද්දේ අවසාන කාලේ මට විරුද්ධව පෙත්සම් වගයක් යවලා ඒ ටික මගේ අතටම ආව. ඒවගෙන් කිව්වේ පරිගණක විද්‍යාගාරය මගෙන් ගන්න කියලා. මේ ගේ හදන වැඩේ මගදී ඒ වැඩේ සිද්ධ උනා. මං මොහොතකට වත් ගනන් ගත්තේ නෑ. වැඩේ කරන් ගියා. ෆේස් බුක් එකේ යාළුවන්ට හිතවතුන්ට තමයි ස්තූතිකරන්න ඕන. මාරයා අයියා එතනදීත් මං එක්කම හිටියා. ආපහු මං ඉස්කෝලේ විද්‍යාගාරය බාර ගන්න බලා පොරොත්තුවක් නෑ. මං දැං කැමතියි වෙන තැනකට යන්න. මේ ඉස්කොලේ ඉන්න උගත් බුද්ධිමත් අයට මේව්වා කරං යන්න අරින්න.
21 රෑ පන්සලේ හාමුදුරුවරු පිරිත් කිව්වා. පහුවදා උදේ හීල් දානය පන්සලට අරං ගියා. එදා උදේ ගෙ යතුරත් සන්ධ්‍යාලටම දුන්නා. අවසානෙට ඉතුරු වෙලා තිබ්බ බත් කටකුත් කාපු අපි නික්ම වෙලා ආව. ගෙට මේසයක්, ඇදක්, කෙල්ලන්ට කන්නාඩි මේසයක්, ඇදුම් රැක් එකක් අරං දුන්නා. වෙන ලොකු දේවල් කරන්න මේ වෙලාවේ හිතන්නවත් බැරි තත්වෙකයි මං ඉන්නේ.
මේ ලිපිය ලියන්න ගන්න වෙලාවේ මං ගොඩක් සතුටින් ඉන්නේ. මොකද අපි ඉතිහාසය වෙනස් කලා. ලංකාවේ ගුරුවරු කී දෙනෙක්ට තමංගෙන් ඉගෙන ගන්න ළමයකුට නිවසක් හදලා දෙන්න පුළුවන් උනාද මං දන්නේ නෑ. මීට කලිං අපේ ඒකනායක අයියා ගෙයක් හදලා දුන්නා. මේ වැඩේ පටන් ගන්න කොට මං එයාල ලබපු අත්දැකීමුත් එකතු කරා ගත්ත. නමුත් අද එයා ස්ථාන මාරු අරං පාඩුවේ ඉන්නවලු රස්සාව කරං. මටත් ඒ දේම වෙනවා නං දැං මමත් කැමතියි.
ගේ හදන්න දැනට රු. 312072ක් ගිහිං තියෙනවා. මේ කෙන් අපිට ලැබිලා තියෙනවා 264328.39 ක්. තවත් හාඩ් වෙයාර් සහ පිට අයට ගෙවන්න තියෙනවා රු. 47743.00ක්. මුදල් ලැබීම් සහ වියදං කරලා තියෙන හැටි සහතින් බලන්න පුළුවන්.


මේ වියදම් වලට ලියලා නැති වියදම් උන තැන් නැතුව නොවෙයි. නමුත් එව්ව මට දරා ගන්න හැකි දේවල්. අපිට වැඩේ ඉතුරු ටික කරලා ඉවර කරා ගන්න තවත් උදව් අවශ්‍යයි. ඒක තමයි අද දවසේ අපිට තියෙන අභියෝගය.
Posted in About, Advices, Internet, My own comments, News, women, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සයිබර් සෙවන, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
7 Comments
සන්ධ්‍යාලගේ අළුත් ගෙදර වැඩ අපි අඩක් නිම කලා…
ගොඩක් අලුත් අත්දැකීම්, මනුස්සකම්, තවත් අය වෙනුවෙන් උනුවෙන හදවත් ඇති මිනිසුන් එක්ක අපිට සන්ධ්‍යාගේ නිවසේ වැඩටික 50% විතර දුරට කරලා ඉවර කරන්න පුළුවන් උනා. මේ වෙනකොට ඇත්තටම අපි බිත්ති අඩි 6 විතර උස්සලා ඉවරයි. මේසක් බාස්ලා ටිකක් වැඩ කරන්නේ එක විදියකට නිසා වැඩේ ටිකක් ඇදෙනවා වගේ. ඒත් බිත්ති හයි වෙන්නත් තියන්න ඕන නිසා දවසක් වැඩ කලොත් දවස් දෙකක් එයාලා විවේක ගන්නවා. මේ වැඩේදී අපි ගොඩක් අත්දැකීම් ලැබුවා.ලබමින් පවතිනවා.
මාරයා අයියා මුල ඉඳම මට ගොඩක් උපදෙස් දුන්නා. සල්ලිත් දැනට මාරයා අයියා තමයි හොයලා දුන්නේ. එයාලගේ කන්ඩායමෙන් තමයි මේ අදහස හොඳින්ම තේරුම් ගත්තේ කියලත් මං හිතන්නේ. ඒකට හේතු ගොඩයි.
ගේ මුල්ම සැලසුමේදී අපි අතින් ගොඩක් අත පසු වීම් වෙලා තිබුනා. නමුත් මාරයා අයියා කිව්වා හැමෝම ගෙවල් හදලා තියෙන නිසා එව්වා හැමෝම දන්නවා කියලා. ඇත්තටම මාව තේරුම් අරං මේ වැඩේදි මාත් එක්ක ඉන්න මාරයා අයියා ඇතුළු සියළුම දෙනාට ස්තූතියි.
මෙකේ වැඩ ගොඩක්ම ගොඩක් වෙලාවට ඉස්කෝලේ අලුත් 12 කොල්ලෝ ටික අතින් වෙනවා. එයාලගේ කන්ඪායම් ව්‍යාපෘතිය විදියට මේක ලියන්න කියලා මං කිව්ව. තරුණ ජවය නිසි මාර්ගයකට දාන්නයි අවශ්‍ය. ඊට පස්සේ උන් විහින්ම යන්න ඕන මාවතේ යනවා. අපිට කරන්න තියෙන්නේ බලං ඉන්න එක විතරයි. මේ මවලාවේ මගෙත් එක්ක ලඟින් ඉන්න කොල්ලොටිකත් වටිනවා ගොඩක්.

අපිට අලුතින් ඇති උන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ගේ කපරාරු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ වතුර ලයින් එකක් ලිඳකින් වතුර මොටර් එකක් දාල අරං දෙන්න වෙන්නේ. ඊට පස්සේ ගෙදරට ලී බඩු ටිකක් ගන්න ඕන. ඒ ගැන අපි හිතනවා මේ දවස් වල.
ඉතිං මේ වැඩේ ගැන අපි ගැන ගොඩක් දෙනෙක් මූණුපොතේ දේවල් කරලා තියෙනවා මං දැක්කා. ඒ වගේම මට කතා කරපු අයත් හිටියා ගොඩක් වෙලාවට. හැම කෙනෙක්ම මතක් කරනවා ආදරෙන්. අලුත් නිව්ස් මං මෙතන දාන්නම්.
Posted in Advices, Internet, My own comments, News, women, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සයිබර් සෙවන, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
8 Comments
සන්ධ්‍යාලගේ අලුත් ගෙදර වැඩ අපි පටන් ගත්තා
දැන් හැමොම දන්නවානේ කතාව. අපි අපේ සන්ධ්‍යට අලුත් ගෙයක් හදලා දෙන්න සයිබර් යාළුවෝ එකතු උනා. අද තමයි පලවෙනි දවස. අපි වැඩ පටන් ගත්තේ උදේම. උදේම ගිහිං ගේ හදන්න වෙලාවක් හදලා දෙන්න කියලා ජෝතීර්වේදියෙක් මුණ ගැහුනා. ඊට පස්සේ කොල්ලෝ ටිකක් හොයලා එක්ක එන්න ගොඩක් වෙලා ගියා. කොහොම හරි සල්ලි දෙනවා කිව්ව නිසා කට්ටිය හොයා ගන්න පුළුවන් උනා.
පස්සේදි හවස් වරුවේ අපේ 12 පංතියේ කොල්ලෝ ටික ආව. බ්ලොග් ගල් ටික ගෙනත් දැම්ම. අද දවසේ අපි කරපු වැඩ ටික මෙතනින් ගියාම බලන්න පුළුවන්. මූණුපොතේ ඉන්න අයට මෙතනින් ගියාම බලන්න පුළුවන්.
Posted in Advices, Internet, My own comments, women, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
7 Comments
සන්ධ්‍යා නිරෝෂනීලාගේ අලුත් ගෙදර.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සකම තියෙන මින්සුන් කොතෙක් නම් මේ ගෙන්දගම් පොලවේ සිටීද??? මම සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව ලියලා පැය 48ක් ගෙවෙන්න කලිං අපි හිතපු සම්පූර්ණ මුදල අපිට දෙන්න පරිත්‍යාගශීලී උන සියළු දෙනාට මං ගොඩක් ස්තූති වන්ත වෙනවා. විශේෂයෙන්ම මාරයා අයියා ගොඩක් වෙහෙසුනා මේ කාර්ය කරන්න. අපි සියළු දෙනාට සතුටු වෙන්න පුළුවන් විදියට ලබන සතියේ මම මේ කාර්ය පටන් ගන්නවා. සියළුම පියවරයන් සියළු දෙනාටම දැක බලා ගන්න මං ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මාරයා අයියා මට මේ කාර්ය කරන්න උපදෙස් කිහිපයක් අවධාරනයෙන් පසක් කර සිටියා. ඒ සියළු දේ ඒ ලෙසටම සිදු වේවි. ඉතිං අපේ කතා නායිකාව ගැන යමක් ලියන්න අමතක උනා.
කෙල්ල අද උදේම දුවගෙන ආවා. මට ගුඩ් මෝනිං කියලා මං දිහා බලං හිටියා. (ඒ වෙලාවේ අපිට මාරයා අයියා දීපු ලින්ක් වලිං ගෙට අවශ්‍ය දේ බාගෙට සම්පූර්ණ වෙලා තිබුනා.)
අපි ඔයාට ගෙයක් හදලා දෙන්න යන්නේ? මං කිව්වා.
තවමත් අවු.12 මේ පොඩි ළමයා හරිම අහිංසක විදියට හිනා වෙලා කිව්වා,
මං දන්නවා සර්.
ඒ කොහොමද?
ඊයේ සර් ආපු වෙලාවේ මට හිතුනා.
දැං හැබැයි ගෙදර වැඩ කරන්න, සිමෙන්ති අනන්න කවුරුත් නෑ. අක්කටයි නංගිටයි අම්මටයි තමයි අනන්න වෙන්නේ ( මං හිනා උනා. කෙල්ලගේ මූණ වෙනස් උනේ නෑ)
හරි සර්. අපි කරන්නං.
ඇත්තටමද කියන්නේ?
ඔව් සර්. මට හොදට වැඩ කරන්න පුළුවන් සර්. අම්මයි මමයි දෙන්නම ඔක්කොම ටික කරන්නම්. සර්ට ගොඩක් ස්තූතියි සර්.
ඉංග්‍රීසියෙන් කොහොමද කෙනෙක්ට ස්තූති කරන්නේ?
තැන්කියු කියලා
ගොඩාක් ස්තූතියි කියන්නේ?
තැන්කියු වෙරි මච්
හරි. අද ගෙදර ගිහිං අම්මට කියන්න ගේ හදන්න වෙලාවක් බලන්න කිව්ව කියලා. ලබන සතියේ සඳුදා ඉදලා අපි වැඩේ පටන් ගන්නවා. මාසෙකට විතර ඉන්න ගෙයක් ඒ හරියෙන් හොයා ගන්න. සර් කුලිය දෙන්නම් කිව්ව කියන්න ඒ ගෙදරට. අම්මට කියන්න පුවවන් තරම් ඉක්මනට ඒක කරන්න කියලා.
හරි සර්
දැං යන්න එහෙනම්. ළමයින්ට කාටවත් කියන්න එපා. ගේ හදලා ඉවරවෙනකං හරිද?
හරි සර්
කෙල්ල ඇඹරෙමින් හිටියා. ගියේ නෑ. මං ඇහුවා ඇයි කියලා. මගේ අතට කොල කෑල්ලක් දුන්නා. එකකොටයි මට මතක් උනේ මං කිව්ව එයාටයි නංගිටයි තියෙන අඩුපාඩු ලියලා ගෙනත් දෙන්න කියලා. මං ඒ ගෙදර ගියා. ඒ මිනිස්සු ගෙවන ජීවිතේ ඇහැට දැක්කා. අඩුපාඩු කෝටියක් තියෙනවා. ළමයා ලියලා තිබුනේ මෙව්වා.
කවකටු පෙට්ටි දෙකයි, පාට පෙට්ටියයි, රෙදි හෝදන සබන් කැටයක්, පෑන්, පාට පෙට්ටි දෙකයි, චිත්‍ර පොත් දෙකයි. මං එවලෙම හංදියේ කඩේට කතා කරලා එයාට එව්වා දෙන්න කිව්වා.
යන්න හැරුන සන්ධ්‍යා නතර උනා. සර් පුටුවෙන් නැගිටින්න කෝ. මෙතෙන්ට එන්න.
මට දන ගහලා වැඳගෙන හිටපු ළමයා ටිකක් වෙලා දන ගහන් හිටියා. මමත් බලං හිටියා. විනාඩියකින් විතර නැගිටපු ළමයා යන්න හැරුණා.
මොකද ගොඩක් වෙලා වැන්ඳේ?
තාත්තට වඳින ගාථාව කිව්වේ අවුරුදු දහයකට පස්සේනේ සර්. ටිකක් පැටලුනා. මං දෙපාරක්ම කිව්වා. එහෙම කියලා යන්න ගියා.
ළමයා ගියාට පස්සේ මට පුදුම හැඟීමක් දැනුනා. තාත්තා කෙනෙක්ට ළමයෙක් වඳින එක කොහොම දැනෙනවද දන්නේ නෑ.
ඒත් එක්කම මෙහෙම දරුවෝ තුන්දෙනෙක් එක්ක තමංගේ ගෑනි දාල වෙන ගෑනියක් අරං ගිය එකා ජීවිතේ මැරෙන්න කලිං එක දවසක් අහැ ගැටියන් කියලා හිතුනා.
Posted in Advices, Internet, My own comments, News, women, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
11 Comments
මනුෂ්‍යත්වයේ ආශ්චර්යය
අපේ සන්ධ්‍යා නිරෝෂණී ගැන මම ලිව්ව ලිපියට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුනා. ඒ අතරිං අපේ මාර අයිය ඇත්තටම මාරයි. කියන්න වචන නෑ. කෙනෙකුගේ දුක ඉදිරියේ මේ තරම් හිත උනුවන අය අදත් ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අපි අතර සබැදිය තියා ගන්න ක්‍රමයක් නැති එක. මාර අයිය කියලා තිබුනා අවශ්‍යතා ලිස්ට් එකට යන වියදමත් කියන්න කියලා. ඉතිං අපේ YK අයියාට කියලා මම එකක් හැදුවා. පහලින් තියෙන්නේ ඒක සහ දැනට සමහර දේවල් දෙන්න බාර ගත්ත අයගේ විස්තරය.
| Item | Price | Sponsor |
| වැලි කියුබ් 1 | Rs.3500.00 | මරණේ-1000යි/ගිම්හානි-1000යි..ජයනි -1500 |
| බ්ලොග් ගල් 600 | Rs.21000.00 | තිස්ස අයියා..16000/පිස්සා.5000 |
| සිමෙන්ති කොට්ට 10 | Rs.7650.00 | දුමී අයියා |
| දහයේ කම්බි 10 සහ ගල් කියුබ් 1 | Rs.6600.00 | බුද්ධි ප්‍රසාද් අයියා |
| දහයේ සීට් 12 | Rs.22400.00 | රුචා/දුකා |
| යටලී රියන් 12 ඒවා 3 | Rs.3600.00 | වාසල |
| අඩි අට හමාරේ පරාල 6 | Rs.5400.00 | ඉෂාර ගුණවර්ධන..3400/ප්‍රසන්න..1000/තව 1000ක් වැප්..1000 |
| 2×2 පොලු අඩි 120 | Rs.1800.00 | ඕනයා අයියා |
| මේසන් අත්තම් 5 | Rs.5000.00 | බෝධිනී |
| ගෝල අත්තම් 5 | Rs.3750.00 | කාන්චන ගයාන් |
| යකඩ ඇන | Rs.1000.00 | මාරය අයියා |
| උළු අහු 03 ජනේල 02 දොර පියං ජනෙල් පියං ග්‍රීල් වලට | Rs.20000.00 | බීටලේ..5000/ සිහින 1500/ සෝඩා ගුණේ 1000/නම කියන්න අකමැති අයියා කෙනෙක් 12500 |
| වයරින් | Rs.25000.00 | දෝන කතිරිනා |
| වඩු අත්තං 4 | Rs.5000.00 | අසේල බණ්ඩාර |
| ඇල්බීසියා ලෑලි 10” පලල | Rs.5000.00 | නදුන් උයන |
| අමතර දිමා-1000පොඩි කුමාරිහාමි-10000 ප්‍රියන්ත-1000 |
||
| හදිසියට කතා කරන්න හිතුනොත් 0718264249 | ||
ගොඩක් අය කතා කරලා කිව්වා සල්ලි දෙන හැටි කියන්න කියලා.ඉතිං ඔන්න ක්‍රමයක් අපි හැදුවා. පහල දීල තියෙන ගිණුම් අංකයට මුදල් දාන්න පුළුවන්.
සම්පත් බැංකුව:- ගාල්ල, නෙළුව ශාඛාව
ගිණුම් අංකය :- 105453456070
නම:- ඒ.ඩී.ඒ.සී. පුෂ්පකුමාර
Posted in Internet, My own comments, News, women, සේවා
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය
12 Comments


Facebook
Youtube
හරිම පුදුම ඉස්කෝලේ….
අතක ඇඟිලි පහම එකවගේ නොවෙයි. නමුත් අපි සැලකුමු ලබන්නේ සැම විටම එකම විදියකටයයි මට සිතෙයි. ගුරු වෘත්තිය අතීශයෙන්ම සංකීර්ණ හා වගකීම් බහුල එකකි. නමුත් වසර පහක් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස ගෙවා දැමූ මා තේරුම්ගත් ලොකුම දේ මෙතන ලීවොත් ලොකු පුශ්නයක් ඇතිවිය හැකි නිසා නොලියා ඉමි. ඇරත් කාට කිව්වත් වැඩක් වෙයි කියා විශ්වාසයක් දැං හිතේ නැත.

දුයිශෙන් මතකද? පරණ අශ්වගාල අළුත් වැඩියා කරලා ළමයින්ට ඉන්ඩ පුළුවන් විධියට හදා ගන්න එයා ගත්ත උත්සාහය ඊට ටිකක් වෙනස් විදියට මං පහුගිය ටිකේ ගත්තා. දැන් ඔන්න මං දුයිශෙන්වගේ කියලා නෙමෙයි කිව්වේ. ඔබ දන්නවා නම් සර්වරයේ මූඩල් දාගන්ඩ නටපු නැටිල්ල වැඩක් නෑ කියලා. කොහොම හරි වැඩේ කරා ගත්තා.
මේ උත්සාහය හරිම සුදුම ඉස්කෝලයක් බිහි කිරීම සදහා වන අතර ඒ සඳහා ශක්තිය මා තුල තියෙනවා. ඉතිං මේ පාසලේ ඇතුලත් වීම් නොමිලේ වන අතර 24X7 පුරා විවෘත්තව තියෙනවා. අවශ්‍ය විද්‍යුත් තැපැල් ලිපිනයක් හා මුරපදයක් ඹබ විසින්ම ළබා ගැනීම පමණයි.
කාටවක් අල්ලස් ගන්ඩ ඉඩක් නෑ ළමයි ඇතුල් කරන්ඩ.
ඉතිං අද පටන් මෙය ඔබට විවෘත්ත වන අතර info@arunasir.info විද්‍යුත් තැපෑලට එවන්ඩ තියෙන දෙයක් තියේ නම් එවන්න. ඉතිං අලුත් පරම්පරවේ අළුත් ඉස්කෝලයකට සියළු දෙනාටම ආරාධනා කරකවා. පහත ලින්ක් එකෙන් යන්න.
හරිම පුදුම ඉස්කෝලේ